මාදැල් ඔරුව
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-10-27
- භාවිත කළ අමුද්රව්ය
- Wooden
- මානයන් (ප්රමාණය)
- L - 1075cm W - 80cm H - 95cm
- ලේඛන අංකය
- MAMG/2009/W/03
සම්පූර්ණ විස්තරය
මාදැල් ඔරුව ශ්රී ලංකාවේ බොහෝ වෙරළ තීරුවල සුලභව දක්නට ලැබෙන යාත්රා විශේෂයකි. මෙම යාත්රා, මාදැල මඟින් මුහුදේ මසුන් ඇල්ලීමේ දී දැල එලීම සඳහා භාවිතා කරන හෙයින් මේ නමින් හඳුන්වයි. මංමාදැල එලීම් සඳහා එක් යාත්රාවක් හෝ 2ක් භාවිතා කිරීම සිදුවන අතර මෙහි ගමන් කරන ධීවරයන්ගේ අවම ප්රමාණය 10 ක් වුවද, ප්රදේශයෙන් ප්රදේශයට එහි වෙනස් වීම් දක්නට ලැබේ. වසර සියයකට වඩා පැරණි සංරක්ෂණය කරන ලද මෙම ඔරුවේ කඳ රට දෙල් [Artocarpñ altillis], කොල්ලෑව ලුණුමිදෙල්ල[Media Dubia), වියල් දොඔ |Calophyllum Innophyllum] යන දැවයෙන් තනා ඇත.