සුරාට් කාසි
- යුගය
- Colonical
- දිනය/කාලවකවානුව
- 2025-10-12
- භාවිත කළ අමුද්රව්ය
- Silver
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Maha Rawana site
- ලේඛන අංකය
- MAMG/2009/M/30
සම්පූර්ණ විස්තරය
සුරාට් කාසි නමින් හැඳින්වෙන මෙම රිදී කාසි විශේෂය ඉන්දියාවේ අවසන් මෝගල් අධිරාජ්යයා වූවූ අවුරංසෙබ්ගේ කාලයට (ක්රි.ව 1658 1707) අයත්ය. මෙම කාසි හැඳින්වීමට සුරාට් රුපියල යන නමද භාවිත වේ. මෙම කාසියේ අභිමුඛයේ "විශ්වය ග්රහණය කරගත් බැබළෙන සඳවන් සිහසුන සරසන්නා විසින් වර්ෂ 1113 දී අච්චු ගසන ලද කාසියයි." යන අදහස දෙන 'ගිර් අලාම් 1113 ක්ස්බ් අවුරන්ග් ෂාර් මුනිර් බෙදර් වෝ සාද් සික්ඛා ජෙගාන්දාර්" යන අරාබි යෙදුම දක්වා තිබේ. මෙහි දැක්වෙන කාසි සොයාගන්නා ලද්දේ ශ්රී ලංකාවේ දකුණු මුහුදේ වු මහාරාවණ කොටුව නමින් හැඳින්වෙන ප්රදේශයෙනි.