සිංහයා
- යුගය
- Colonical
- දිනය/කාලවකවානුව
- 2025-10-12
- භාවිත කළ අමුද්රව්ය
- Ceramic
- මානයන් (ප්රමාණය)
- W-48cm, H-51cm
- ලේඛන අංකය
- MAMG/2009/C/21
සම්පූර්ණ විස්තරය
මෙම දර්ශනීය සිංහ රුව අග්නිදිග ආසියාවේ හෝ චීනයේ නිෂ්පාදනය කරන ලද්දකි. සිංහයෙකු සතු ලක්ෂණ වලට අමතරව සුනඛයකුගේ ද මෙම මූර්තියෙන් දිස් වේ. එහෙයින් මෙම වර්ගයේ මූර්ති හැඳින්වීම සඳහා සිංහ සුනඛ සහ ප්රහර්ෂයේ සුනඛයා යන පද ද භාවිත වේ. චීනයේ හන් රාජ සමයේ දී (ක්රි.පූ. 206 සිට ක්රි.ව. 220) මේ සමාන රූප පුජනීය ස්ථාන වල සහ රාජකීය සොහොන් වල ප්රදර්ශනය කරන ලද්දේ ඒවා සතුව කිසියම් අධිභෞතික බලයක් ඇතැයි යන විශ්වාසයෙනි. වර්ෂ 1945 දී මොරටුවේ ලුනාව ප්රදේශයෙන් මෙම මූර්තිය සොයාගෙන තිබේ.