ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
Pottery — Maritime Archaeology Museum

Pottery

Maritime Archaeology Museum Maritime History Colonical
යුගය
Colonical
දිනය/කාලවකවානුව
2025-08-01
භාවිත කළ අමුද්‍රව්‍ය
ceremic
මානයන් (ප්‍රමාණය)
H-9.9cm, W-16cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
වත්මන් පිහිටීම
Gallery 01
ලේඛන අංකය
2008/SL/S/Goda/M/02/07

සම්පූර්ණ විස්තරය

2008 වර්ෂයේ දී ගොඩවාය පුරාක්ෂේත්‍රයෙන් මෙම බඳුන් කොටස හමුවී තිබේ. මෙම වර්ගයේ මැටි බඳුන් දෛනික ව ජලය සහ විවිධ දියර වර්ග භාවිතය සඳහා නිපදවා ඇත. බඳ කොටස (Body sherds) මුවවිවරයේ (Orifice) සිට ක්‍රමානුකූලව ගෝලාකාරව දෙපසට විහිදි පතුල වෘත්තාකාර ස්වභාවයකින් යුක්ත වේ. මෙම බඳුන් කොටසෙහි උස සෙ.මී. 9.9ක් ද පළල සෙ.මී. 16 ද බර ග්‍රෑම් 265.2 කින් යුක්ත වේ. මෙහි වර්ණය කාල-රක්ත (reddish-brown) වර්ණයෙන් යුක්ත වේ. සාමාන්‍ය බඳුන් වර්ගයට අයත් මෙහි ප්‍රභාවය (Luster) මධ්‍යම ප්‍රමාණයෙන් යුක්ත වේ. මෙහි සංයුතිය සිහින් වැලි මිශ්‍රිත මැටි භාවිතයෙන් නිමවා ඇත.

ඓතිහාසික පසුබිම ක්‍රි.පූ. 2-3 සියවස්වලට මෙම මැටි බඳුන් කාල නිර් ය කොට ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන් ආකෘතීන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්‍රයෙන් හමුවන මෙම බඳුන් සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්‍රයෙන් ආකෘතින් 7ට අයත් මැටි බඳුන් අවශේෂ අනාවරණය කොට ගෙන ඇත. එලෙසෙම මෙම බඳුන් නාවික ගමනාගමන කටයුතුවලදී මෙන්ම ගෘහස්ථ මානව පරි⁣භා්ජනය සඳහා ද භාවිත කොට ඇති බවට සාධක හෙළි වේ.