Clay Bowl
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-01
- භාවිත කළ අමුද්රව්ය
- Clay
- මානයන් (ප්රමාණය)
- H-5cm, W-21cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 08
- ලේඛන අංකය
- 2008/SL/S/Goda/M/02/05
සම්පූර්ණ විස්තරය
2008 වර්ෂයේ දී ගොඩවාය පුරාක්ෂේත්රයෙන් මෙම බඳුන් කොටස හමුවී තිබේ. මෙම වර්ගයේ මැටි බඳුන් ආහාර අනුභව කිරීම සඳහා භාවිත කර තිබේ. මෙම බඳුනෙහි ගැටිය රහිත සරල මුවවිවරයකින් (rim) යුක්ත වේ. මෙහි ගැටි කොටස සිහින් සහ කෙටි වන අතර, පතුල (base) පුළුල් වේ. මෙම බඳුන් කොටසෙහි උස සෙ.මී. 5ක් ද පළල සෙ.මී. 21 කින් යුක්ත වේ. මෙහි වර්ණය කාල-රක්ත (reddish-brown to dark brown) වර්ණයෙන් යුක්ත වේ. මෙම බඳුන්වල ප්රභාවය (Luster) හා මතුපිට ස්වභාවය (surface texture) මධ්ය ප්රමාණයෙන් යුක්ත වේ. මෙහි සංයුතිය සිහින් වැලි මිශ්රිත මැටියෙන් යුක්ත වේ.
ඓතිහාසික පසුබිම
ක්රිස්තු පූර්ව 2වන සියවසට කාලනිර්ණය කර ඇති මෙම නෞකාවෙහි හමුවන මැටි බදුන් ක්රි.පූ 2-3 සියවස්වලට අයත් ඒවා ලෙස සැලකේ. මැටි බදුන් පිළිබඳ සිදු කළ විශ්ලේෂණයන් මගින් ද ඒ බව තහවුරු වී ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්රයෙන් හමුවන මෙම බඳුන් ද සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්රයෙන් එමආකෘති අතරින් 7කට අයත් මැටි බඳුන් අවශේෂ අනාවරණය කොට ගෙන ඇත. ඒ අනුව මෙම මැටි බදුන් ගෘහස්ථ මානව පර්භෝජනය සඳහා මෙන්ම නාවික ගමනාගමන කටයුතුවලදීද භාවිතයට ගත් බව පැහැදිලිය.