ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
A Pot — Maritime Archaeology Museum

A Pot

Maritime Archaeology Museum Maritime History Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-08-07
භාවිත කළ අමුද්‍රව්‍ය
Clay
මානයන් (ප්‍රමාණය)
L-16cm, DM-10cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
වත්මන් පිහිටීම
Conversation Labotory
ලේඛන අංකය
2023/SL/S/GDV/M/002/016

සම්පූර්ණ විස්තරය

2023 වර්ෂයේ දී ගොඩවාය පුරාක්ෂේත්‍රයෙන් මෙම බඳුන් කොටස හමුවී තිබේ. මෙම බඳුන් කොටසෙහි දිග සෙ.මී. 16 ක් ද, බර ග්‍රෑම් 3511.8 ක් පමණ වන අතර මෙහි මුව විවරයේ විෂ්කම්භය සෙ.මී. 10 ක් වේ. සාමාන්‍ය බඳුන් (Plain ware) පංතියට අයත් වේ. ප්‍රභාවය මධ්‍ය ප්‍රමාණයෙන් යුක්ත වන අතර බඳුන්වල බාහිර මතුපිට මධ්‍යම රළුත්වයක් පෙන්වයි. සංයුතිය සිහින් වැලි මිශ්‍රිත මැටි භාවිතයෙන් නිපදවා ඇත. එමෙන්ම මෙහි ගන ස්වභාවය මධ්‍යම ප්‍රමාණයෙන් යුක්ත වේ. බඳ කොටස මුවවිවරයේ (Orifice) සිට ක්‍රමානුකූලව ගෝලාකාරව දෙපසට විහිදි පතුල වෘත්තාකාර ස්වභාවයකින් යුක්ත වේ.
ඓතිහාසික පසුබිම ක්‍රිස්තු පූර්ව 2වන සියවස්වසට කාලනිර්ණය කර ඇති මෙම නෞකාවෙහි හමුවන මැටි බදුන් ක්‍රි.පූ 2-3 සියවස්වලට අයත් ඒවා ලෙස සැලකේ. මැටි බදුන් පිළිබඳ සිදු කළ විශ්ලේෂණයන් මගින් ද ඒ බව තහවුරු වී ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්‍රයෙන් හමුවන මෙම බඳුන් ද සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්‍රයෙන් එමආකෘති අතරින් 7කට අයත් මැටි බඳුන් අවශේෂ ⁣අනාවරණය කොට ගෙන ඇත. ඒ අනුව මෙම මැටි බදුන් ගෘහස්ථ මානව පර්භෝජනය සඳහා මෙන්ම නාවික ගමනාගමන කටයුතුවලදීද භාවිතයට ගත් බව පැහැදිලිය.