Piece of pottery with full rim
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-06
- භාවිත කළ අමුද්රව්ය
- Clay
- මානයන් (ප්රමාණය)
- L-13cm, W-9cm,
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 09
- ලේඛන අංකය
- SL/S/GDV/2019/025
සම්පූර්ණ විස්තරය
2019 වර්ෂයේ නොවැම්බර් 30වන දින ගොඩවාය පුරාක්ෂේත්රයේ S2 W8 යන කොටුදැල් අංකයෙන් (Grid Number) මෙම බඳුන් කොටස (Full Rim) හමුවී තිබේ. මෙම බඳුන් කොටසෙහි දිග සෙ.මී. 13 ක් ද, පළල සෙ.මී. 9 ක් හා බර ග්රෑම් 552 ක් පමණ වන අතර මෙහි ඝනකම මි.මී. 2.2 කින් යුක්ත වේ. මෙහි මුවවිවරයේ විෂ්කම්භය සෙ.මී. 22 කින් යුක්ත වේ. සාමාන්ය බඳුන් (Plain ware) වර්ගයට අයත් මෙහි වර්ණය 5YR 4/6 4/8 යුක්ත වේ.
ඓතිහාසික පසුබිම
ක්රිස්තු පූර්ව 2වන සියවස්වසට කාලනිර්ණය කර ඇති මෙම නෞකාවෙහි හමුවන මැටි බදුන් ක්රි.පූ 2-3 සියවස්වලට අයත් ඒවා ලෙස සැලකේ. මැටි බදුන් පිළිබඳ සිදු කළ විශ්ලේෂණයන් මගින් ද ඒ බව තහවුරු වී ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන් ආකෘතීන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්රයෙන් හමුවන මෙම බඳුන් සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්රයෙන් ආකෘතින් 7ට අයත් මැටි බඳුන් අවශේෂ අනාවරණය කොට ගෙන ඇත. ඒ අනුව මෙම මැටි බදුන් ගෘහස්ථ මානව පර්භෝජනය සඳහා මෙන්ම නාවික ගමනාගමන කටයුතුවලදීද භාවිතයට ගත් බව පැහැදිලිය.