Lid
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-05
- භාවිත කළ අමුද්රව්ය
- Clay
- මානයන් (ප්රමාණය)
- L-15.5cm, W-8cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 09
- ලේඛන අංකය
- GDV/2014/77
සම්පූර්ණ විස්තරය
2014 වර්ෂයේ දී ගොඩවාය පුරාක්ෂේත්රයෙන් මෙම බඳුන් කොටස (Lid) හමුවී තිබේ. බඳුන් කොටසේ දිග සෙ.මී. 15.5 ක් ද, පළල සෙ.මී. 8 ක් ද, බර ග්රෑම් 355 ක් ද ඝනකම මි.මී. 6.92 ක් පමණ වේ.
ඓතිහාසික පසුබිම
ක්රිස්තු පූර්ව 2වන සියවසට කාලනිර්ණය කර ඇති මෙම නෞකාවෙහි හමුවන මැටි බදුන් ක්රි.පූ 2-3 සියවස්වලට අයත් ඒවා ලෙස සැලකේ. මැටි බදුන් පිළිබඳ සිදු කළ විශ්ලේෂණයන් මගින් ද ඒ බව තහවුරු වී ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්රයෙන් හමුවන මෙම බඳුන් ද සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්රයෙන් එමආකෘති අතරින් 7කට අයත් මැටි බඳුන් අවශේෂ අනාවරණය කොට ගෙන ඇත. ඒ අනුව මෙම මැටි බදුන් ගෘහස්ථ මානව පර්භෝජනය සඳහා මෙන්ම නාවික ගමනාගමන කටයුතුවලදීද භාවිතයට ගත් බව පැහැදිලිය.