Complete Rim
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-01
- භාවිත කළ අමුද්රව්ය
- Clay
- මානයන් (ප්රමාණය)
- L-48cm, THK-26mm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 09
- ලේඛන අංකය
- GDV/2013/01
සම්පූර්ණ විස්තරය
2013 වර්ෂයේ දී ගොඩවාය පුරාක්ෂේත්රයෙන් මෙම බඳුන් කොටස හමුවී තිබේ. මෙම බඳුන් කොටසෙහි දිග (Rim) සෙ.මී. 48ක් ද, ඝනකම (Rim) මි.මී. 26 ක් හා (Body) මි.මී. 8ක් පමණ වේ. සාමාන්ය බඳුන් වර්ගයට (Plain ware) අයත් මෙහි වර්ණය 5YR 4/6 4/8 Yellowish red වේ.
ඓතිහාසික පසුබිම
ක්රිස්තු පූර්ව 2-3 සියවස්වලට මෙම මැටි බඳුන් කාල නිර්ණය කොට ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන් ආකෘතීන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්රයෙන් හමුවන මෙම බඳුන් සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්රයෙන් ආකෘතින් 7ට අයත් මැටි බඳුන් අවශේෂ අනාවරණය කොට ගෙන ඇත. එලෙසෙම මෙම බඳුන් නාවික ගමනාගමන කටයුතුවලදී මෙන්ම ගෘහස්ථ මානව පරිභා්ජනය සඳහා ද භාවිත කොට ඇති බවට සාධක හෙළි වේ.