ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
A piece of rim with body shade — Maritime Archaeology Museum

A piece of rim with body shade

Maritime Archaeology Museum Maritime History Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-08-08
භාවිත කළ අමුද්‍රව්‍ය
Clay
මානයන් (ප්‍රමාණය)
L-110cm, THk-8mm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
වත්මන් පිහිටීම
Gallery 01
ලේඛන අංකය
2022/SL/S/GDV/M/002/006

සම්පූර්ණ විස්තරය

2022 වර්ෂයේ දී ගොඩවාය පුරාක්ෂේත්‍රයෙන් මෙම බඳුන් කොටස හමුවී තිබේ. මෙම බඳුන් කොටසෙහි දිග සෙ.මී. 110ක් හා ඝනකම මි.මී. 8 කින් යුක්ත වේ. මෙහි මුවවිවරයේ විෂ්කම්භය සෙ.මී. 27 ක් පමණ වේ.
ඓතිහාසික පසුබිම ක්‍රිස්තු පූර්ව 2වන සියවසට කාලනිර්ණය කර ඇති මෙම නෞකාවෙහි හමුවන මැටි බදුන් ක්‍රි.පූ 2-3 සියවස්වලට අයත් ඒවා ලෙස සැලකේ. මැටි බදුන් පිළිබඳ සිදු කළ විශ්ලේෂණයන් මගින් ද ඒ බව තහවුරු වී ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්‍රයෙන් හමුවන මෙම බඳුන් ද සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්‍රයෙන් එමආකෘති අතරින් 7කට අයත් මැටි බඳුන් අවශේෂ ⁣අනාවරණය කොට ගෙන ඇත. ඒ අනුව මෙම මැටි බදුන් ගෘහස්ථ මානව පර්භෝජනය සඳහා මෙන්ම නාවික ගමනාගමන කටයුතුවලදීද භාවිතයට ගත් බව පැහැදිලිය.