අවලෝකිතකේශ්වර ප්රතිමාව
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-11-14
- භාවිත කළ අමුද්රව්ය
- Fiber
- ලේඛන අංකය
- MAMG/2009/RE/25
සම්පූර්ණ විස්තරය
වැලිගම කුෂ්ඨරාජගල ප්රතිමාව නමින් හැඳින්වෙන මෙම මූර්තිය අවලෝකිතේශ්වර බෝධි සත්ත්වයාගේ මූර්තිමය නිරූපණයකි. අවලෝකිතේෂ්වර පුරාණ ශ්රී ලංකාවේ වන්දනයට ලක් වීමට එක් අරමුණක් වුයේ නිරෝගී සුවය ප්රාර්ථනා කිරීමයි. අඩි 12 ක් උසැති කුෂ්ඨරාජගල ප්රතිමාව වන්දනයට පාත්ර වූයේ මුහුදු යාත්රිකයන් අතරය, දිගු මුහුදු ගමන් වල දී ඇති වන නොයෙකුත් ආපදා වලින් ආරක්ෂා වීමටත්, විශේෂයෙන්ම කුෂ්ඨ රෝගවලින් වැලකීම සඳහාත් මෙම බෝධිසත්ත්ව ප්රතිමාවට වන්දනාමාන කරන ලදැයි කියවේ.
ඓතිහාසික පසුබිම
ශෛලීය ලක්ෂණ අනුව මෙම ප්රතිමාව ක්රිස්තු වර්ෂයෙන් 9 වන සහ 10 වන සියවස් අතර කාලයේ නිමවන ලද්දක් ලෙස සැලකේ.