ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
Lamp-Broken — Maritime Archaeology Museum

Lamp-Broken

Maritime Archaeology Museum Maritime History Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-08-04
භාවිත කළ අමුද්‍රව්‍ය
Clay
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
වත්මන් පිහිටීම
Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 09
ලේඛන අංකය
GDV/2013/23

සම්පූර්ණ විස්තරය

2013 වර්ෂයේ දී ගොඩවාය පුරාක්ෂේත්‍රයෙන් මෙම බඳුන් කොටස හමුවී තිබේ. මෙය සාමාන්‍ය පන්තියේ බඳුන් කොටසක් (Plain ware) යන අතර පරිහරණයට ගන්නා ලද කෝප්පයක් වේ. එමෙන්ම කුඩා ප්‍රමාණයේ භාජනයක් වන මෙහි බඳ කොටස් ඉතා සිහින්ව නිමවා ඇති අතර එහි පතුල ගෝලාකාර ස්වරූපයක් දක්නට ඇත. මෙම බඳුන් කොටසෙහි දිග සෙ.මී. 24 ක් ද, පළල සෙ.මී. 5 ක් ද, බර ග්‍රෑම් 169.7 ක් පමණ වන අතර මෙහි ඝනකම මි.මී. 4.72 ක් පමණ වේ.
ඓතිහාසික පසුබිම ක්‍රිස්තු පූර්ව 2-3 සියවස්වලට මෙම මැටි බඳුන් කාල නිර්ණය කොට ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන් ආකෘතීන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්‍රයෙන් හමුවන මෙම බඳුන් සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්‍රයෙන් ආකෘතින් 7ට අයත් මැටි බඳුන් අවශේෂ ⁣අනාවරණය කොට ගෙන ඇත. එලෙසෙම මෙම බඳුන් නාවික ගමනාගමන කටයුතුවලදී මෙන්ම ගෘහස්ථ මානව පරි⁣භා්ජනය සඳහා ද භාවිත කොට ඇති බවට සාධක හෙළි වේ.