ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

ලන්දේසි ලාංඡනය

Maritime Archaeology Museum Trade and Commerce Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-12
භාවිත කළ අමුද්‍රව්‍ය
Fiber
මානයන් (ප්‍රමාණය)
L-122cm, H-70cm
ලේඛන අංකය
MAMG/2009/RE/36

සම්පූර්ණ විස්තරය

මෙය ඉන්දීය සාගරයේ වෙළඳ කටයුතු වල නියැළුණු ඕලන්ද ජාතිකයන් විසින් ක්‍රි.ව. 1602 මාර්තු මස 20 වැනි දින බතාවියාවේදී ආරම්භ කළ ලන්දේසී පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමෙහි අනන්‍යතා ලාංඡනයයි. මෙහි දෙපස පසු පාදවලින් සිටගෙන සිටින සිංහයන් දෙදෙනාගෙන් මෙම සමාගමෙහි වෙළඳ කටයුතුවල සුරක්ෂිත භාවය නිරූපණය කරයි. ලන්දේසීන්ගේ ප්‍රාදේශිය බලකොටුවල ලාංඡන සකසා ගැනීමේදී අදාළ ප්‍රාදේශිය සළකුණු මෙම ප්‍රධාන ලාංඡනයේ ඉහළ කොටසට ඇතුළත් කිරීමෙන් එම ප්‍රාදේශිය ලාංඡන සකසා ගෙන ඇති අතර, මෙහි දැක්වෙන ගලක් මත සිටින කුකුළු රුව ගාල්ල නගරය සංකේතවත් කරයි.