Pottery
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-01
- භාවිත කළ අමුද්රව්ය
- Clay
- මානයන් (ප්රමාණය)
- H-6cm, W-15cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 08
- ලේඛන අංකය
- 2008/SL/S/Goda/M/02/06
සම්පූර්ණ විස්තරය
2008 වර්ෂයේ දී ගොඩවාය පුරාක්ෂේත්රමයෙන් ඉතා කුඩා ප්රවමාණයේ මෙම බඳුන් කොටස හමුවී තිබේ. මෙම වර්ගයේ මැටි බඳුන් ආහාර අනුභව කිරීම සඳහා භාවිත කර තිබේ. මෙම බඳුනෙහිගැටිය රහිත සරල මුවවිවරයකින් (rim)යුක්ත වේ.මෙහි ගැටි කොටස සිහින් සහ කෙටිවන අතර, පතුල (base)පුළුල් වේ. මෙම බඳුන් කොටසෙහි උස සෙ.මී. 6ක් ද පළල සෙ.මී. 15ක් ද බර ග්රෑිම් 352.8 කින් යුක්ත වේ.මෙහි වර්ණය කාල-රක්ත (reddish-brown to dark brown)වර්ණයෙන් යුක්ත වේ. මෙම බඳුන්වලප්රනභාවය (Luster)හාමතුපිට ස්වභාවය (surface texture)මධ්යය ප්රේමාණයෙන් යුක්ත වේ.මෙහි සංයුතිය සිහින් වැලි මිශ්රිsත මැටියෙන් යුක්ත වේ.
ඓතිහාසික පසුබිම
ක්රි.පූ. 2-3 සියවස්වලට මෙම මැටි බඳුන් කාල නිර්ණය කොට ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන් ආකෘතීන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්රයෙන් හමුවන මෙම බඳුන් සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්රයෙන් ආකෘතින් 7ට අයත් මැටි බඳුන් අවශේෂ අනාවරණය කොට ගෙන ඇත. එලෙසෙම මෙම බඳුන් නාවික ගමනාගමන කටයුතුවලදී මෙන්ම ගෘහස්ථ මානව පරිභා්ජනය සඳහා ද භාවිත කොට ඇති බවට සාධක හෙළි වේ.