ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
Jug copper alloy — Maritime Archaeology Museum

Jug copper alloy

Maritime Archaeology Museum Maritime History Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-08-18
භාවිත කළ අමුද්‍රව්‍ය
Copper
මානයන් (ප්‍රමාණය)
L-207 mm, W-167 mm, THK-2 mm ,
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
වත්මන් පිහිටීම
Conversation Labotory
ලේඛන අංකය
SL/S/GDV/2019/56

සම්පූර්ණ විස්තරය

කෙණ්ඩියක හැඩයකින් යුත් මෙය ජලය හෝ වෙනත් දියරමය ද්‍රව්‍යයක් වැක්කිරීම සඳහා යොදාගත් එකක් ලෙස පැහැදිලි වනුයේ දැනට හමුව ඇති කොටස් අතර එහි කෙමිය කොටස ද වීම නිසාවෙනි. භාජනයේ කෙමිය/කට කොටස බඳුන නිමවීමෙන් අනතුරුව වද්දවා/එයට සවිකර ඇති බව හමුව ඇති කොටසින් පැහැදිලිය. බඳුන තැබීම සඳහා වඩා විශාලත්වයෙන් යුතු අඩිය කොටසක් නිර්මාණය කර තිබෙනුයේ එය පෙරලීමට ඇති ඉඩකඩ අවම කිරීම සඳහා විය යුතුය. බඳුන පහළ සිට ඉහළට යන විට ක්‍රමානුකූලව විශාලවන අකාරයටත් එක්වරම බඳුනේ හැඩය ගැනීම සඳහා කෙටි නැම්මක් සහිතව සමතල මතුපිටක් සිටින සේ නිමවා ඇත. ඉතිරිව ඇති බඳුනේ බඳ කොටසට යමක් සම්බන්ද කිරීම සඳහා භාවිත කළ වෘත්තාකාර සලකුණක් දැකිය වීමෙන් බඳුනේ කෙමිය කොටසක් පැවති බව පැහැදිලිය. බඳුනට දියරමය වර්ග එක්කිරීමට දිගු බෙල්ලක් සහිත කොටසක් එසේ බඳ කොටසට එක්කර තිබෙන්නට ඇත.

එමෙන්ම බඳුන ඇල්ලීම සඳහා හැඬලක් / කොක්කක් පවතින්නට ඇති අතර කැඩීගිය කෙමිය කොටස දියර වර්ග වැක්කිරීම පහසු කිරීම සඳහා යම් දිගකින් හා හැඩයකින් යුතුව නිමවා තිබෙන්නට ඇත. බඳුනේ විශේෂත්වයක් වන්නේ එහි ගණකම ඉතා අවම වීම වන අතර එසේ නිර්මාණය කරන්නට ඇත්තේ එය අපහසුවකින් තොරව එසවීමටත්, දියර වර්ග වැක්කිරීම හසු කිරීම පිණිස විය යුතුය.
ඓතිහාසික පසුබිම The Part of a copper vessel from the Godawaya shipwreck represent a unique archaeological resource for understanding ancient metallurgical production and Indian Ocean trade. Archaeological proximity to the Akurugoda smelting site and the Seruwila ore deposit suggests a potential local link; however, current compositional evidence points towards a non-local source.