Pottery
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-06
- භාවිත කළ අමුද්රව්ය
- Clay
- මානයන් (ප්රමාණය)
- H-8cm, DM-13.7cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 08
- ලේඛන අංකය
- SL/S/GDV/2019/011
සම්පූර්ණ විස්තරය
2019 වර්ෂයේ නොවැම්බර් 29වන දින ගොඩවාය පුරාක්ෂේත්රයේ S2 W7 යන කොටුදැල් අංකයෙන් (Grid Number) මෙම බඳුන් කොටස (හට්ටි කොටසක්) හමුවී තිබේ. මෙම බඳුන් කොටසෙහි උස සෙ.මී. 8 ක් හා මුව විවරයේ විෂ්කම්භය සෙ.මී. 13.7 ක් පමණ වන අතර මෙහි ඝනකම සෙ.මී. 1කින් යුක්ත වේ. කළු දුඹුරු වර්ණයෙන් (5YR 4/3 4/4 Reddish Brown) යුක්ත වන අතර මෙය සාමානය බඳුන් (Plain ware) වර්ගයට අයත් වේ.
ඓතිහාසික පසුබිම
ක්රිස්තු පූර්ව 2වන සියවස්වසට කාලනිර්ණය කර ඇති මෙම නෞකාවෙහි හමුවන මැටි බදුන් ක්රි.පූ 2-3 සියවස්වලට අයත් ඒවා ලෙස සැලකේ. මැටි බදුන් පිළිබඳ සිදු කළ විශ්ලේෂණයන් මගින් ද ඒ බව තහවුරු වී ඇත. තිස්සමහාරාමය සහ අනුරාධපුර කැණීම් මගින් සොයා ගන්නා ලද මැටි බදුන් ආකෘතීන්වලට, ගොඩවාය පුරා ක්ෂේත්රයෙන් හමුවන මෙම බඳුන් සමානාත්මතාවයක් දක්වයි. දැනට මෙරටින් පුරාණ මැටි බඳුන් ආකෘති 11 ට අයත් සාධක සොයාගෙන ඇත. මෙම පුරා ක්ෂේත්රයෙන් ආකෘතින් 7ට අයත් මැටි බඳුන් අවශේෂ අනාවරණය කොට ගෙන ඇත. ඒ අනුව මෙම මැටි බදුන් ගෘහස්ථ මානව පර්භෝජනය සඳහා මෙන්ම නාවික ගමනාගමන කටයුතුවලදීද භාවිතයට ගත් බව පැහැදිලිය.