ගම කථාව
- දිනය/කාලවකවානුව
- 2026-03-08
- ලේඛන අංකය
- AMM/009
සම්පූර්ණ විස්තරය
ඉඩෝරයක් නිසා ගම රට හැර යෑමට සිදු වූ මෝඩ සොහොයුරන් දෙදෙනෙක් රඟ මඩලට පිවිසෙති මෙහිදී ඔවුනට ඉඩම් කැබැල්ලක් ද ලැබුණෙන් ගෙයක් ද තනා ගනිති දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරා එතනහාමි නමැති සුරූපී තරුණියක් සරණ පාවා ගනී ඇය තම සැමියා හෝ ඔහුගේ මෝඩ කම් ගැන හෝ කලින් නොදැනීම නිසා විවාහ ජීවිතය ගැන කලකිරී සිටී. මේ අතර තුර ඇයට සමීප වන්නට වලි කන ගම්මුළාදැනියාගේ බලපෑම් වලට ඇගේ විරුද්ධතාවයක් නොපෙන්වන ලදී මේ මෝඩයින් රැවටීම සඳහා මුළාදිණි තැන ප්රයෝගයක් යොදායි පාලුවට ගිය කුඹුරු යායක් රාත්රී කාලයෙහි ඔවුන් දෙදෙනා විසින් රජ අණ පරිදි මුර කළ යුතු බව මොවුනට දන්වයි. සොහො-යුරන් දෙදෙනා ගෙදර නොමැති විට මුළාදැනි තැන එතැන හාමි හමු වීමට පැමිණෙයි මුළාදණි තැන මේ හොර ගමන ඉතා ප්රවේසමෙන් හා රහසිගතට කරන්නේ එය එළි වුව හොත් ඔහුගේ නම්බුව හා තත්ත්වය යන දෙකම නැති වන බව දන්නා හෙයිනි රාත්රී පැරකිමින් සිටි මේ මෝඩ සොහොයුරන් දෙදෙනාට පුර සඳ එළිය. හිරු එළිය මෙන් පෙනී එළි වී ඇතැයි සිතා ගෙදර පැමිණෙති
මොවුන්ගේ හදිසි පැමිණීමෙන් කලබලයට පත් එතනහාමි තම හොර සැමියා රෙදි කඩකින් වසයි. කල් යල් බලා ඒ තුළ වුන් මුළාදැනියා ක්ෂණයකින් ඉන් පැන යයි ඉන්පසු එතනහාමි එම රෙදිකඩ යටට වෙයි ඇයට පියවි සිහිය නොමැති බව බොරුවට හඟවයි. මෙයට පිළියක් වශයෙන් මුළාදණියාගේ මිත්රයකු වූ යකඳුරෙක් කැඳවනු ලබයි ඔහු ඇය පරීක්ෂා කොට තොවිලයක් කළ යුතු බව කියයි මේ තොවිලය පැවතෙද්දී ගක්ෂා වේශයක් මවා ගත් මුළාදැනියා එතැනට කඩා වදී මර බියට පත් සොහොයුරන් දෙදෙන පසු නොබලා පළා යති ඉන් පසු එතනහාමි හා මුළාදණි තැන නැටුමක් නටා. මුළාදැනියාගේ මිතුරකු වන යකදුරා සමඟ රඟ වඩලෙන් පිට වෙති.