හේවා කෝලම.
- දිනය/කාලවකවානුව
- 2026-03-08
- ලේඛන අංකය
- AMM/002
සම්පූර්ණ විස්තරය
රජු ගේ ආරක්ෂකයින් වූ හේවායෝ රඟ මඩලට පැමි-ණෙති. රජුගේ පැමිණීම උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීම සඳහා මහා මාර්ගයන් පිරිසිදුව ඇද්දැයි බැලීමත්, රාජකීයයන් ගේ සැප විහරණයන්ද සුදුසු තත්ත්වයෙන් ඇත්දැයි පිරික්සීම මොවුන්ගේ රාජකාරියයි. මොවුන්ගේ විකෘති වී ගිය මුහුණු දකින කාරිය කරවන රාළ ඊට අතුව මොවුන්ගෙන් විමසයි. ඊට පිළිතුරු වශයෙන් ඔවුන් කියනුයේ බ්රිතාන්යයන් හා සමග ගම්පොල දි වූ සටනේදී පළිහ වෙනුවට සිය මුහුණ යොදා ගැනීම නිසා එසේ තුවාල වූ බවයි.
ආපසු එන ගමනේ දී මෙම තුවාලවල වේදනාව නිවා ගැනීම සඳහා මොවුන් සිය මුහුණු නුවර වැවේ ඔබා ගෙන සිටින විට කූඩැල්ලෝ මුහුණේ එල්ලුණෝය. නමුත්, සිය මුහුණු විකෘති වී ඇති බව වත්, මුහුණේ කූඩැල්ලන් එල්ලී ඇති බව වත් හේවායෝ නොදත්හ. ඔවුහු ඉතාමත් සනීප යෙන් සිටින බව පවසති. කාරිය කරවන රාළගේ ප්රශ්න කිරීමෙන් පසුව එකිනෙකාගේ මුහුණු බලන මොවුහු ඒවායේ විසුළු ස්වාභාවය පිළිබඳව සිනාසෙති. ඔවුහු කෑම සහරා ඉල්ලා මිනිසුන්ට හිරිහැර කරති. ඉන් අනතුරුව ඔවුහු චමත්කාර ජනක කඩු නැටුමක් පෙන්වා වේදිකාවෙන් බැහැර යති.
පහත දැක්වෙන්නේ එම සෙබළුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් ගායනා කරන පද්යයකි:
"නිරිඳුගෙන් පෝරණ - සිටින තැනතුරු ලැබගෙන
නොමිනා බඩජාලයන - ගොලුද, මුක්කන් තුනක් නම්වන
අනේ යුද කළ සෙටි - කනේ නාසේ ලේ කෙටි
අලෙකට වැටි වැටි - අනේ හේවා රාළ එන හැටි"